නාවික හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසියේ ආරක්ෂක අංශ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ඉදිරිපත් වී සිටින බවත් ඉදිරියේ දී සිදු විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටින බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
තම දේපල ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස්වල රැදී නොසිට ආපදා තත්ත්වයන් තුළ ඉන් ඉවත් වන ලෙසත් එම නිවෙස් ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කෙරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ජනතාවගේ සහන කටයුතු වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.