දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුකොටගෙන බොහෝ ප‍්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දි ඇති මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන” ති‍්‍රවිධ හමුදාව” පොලිසිය සහ සිවිල් ආයතන මගින් දැනටමත් ආපදා කළමනාකරණය සිදු කරමින් පවති.
දැනට කි‍්‍රයාතමක වැඩපිළිවෙළට අමතරව මෙම ආපදා තත්ත්වයන් සම්බන්ධ තොරතුරු මහජනතාව විසින් ප‍්‍රථමයෙන් පොලිසියට වාර්තා කරන බැවින් එවන් තත්ත්වයන්වලදි මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු අප‍්‍රමාදව සිදු කරන ලෙසට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් සියලු ම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්” නියෝජ්‍ය පොලිස්පතිවරුන් සියලුම කොට්ඨාස භාර නිලධාරින්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ දූරකතන පණිවිඩයක් මගින් දැනුම් දුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් පහත කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට දන්වා ඇත.
x ජල ගැලිම් ඇති ප‍්‍රදේශ සහ ජල ගැලිමට හැකියාව ඇති ආපදා ප‍්‍රදේශයන් වෙත ඒ සදහා පුහුණව ලත් පොලිස් ජිවිත ආරක්‍ෂන නිලධාරින් කණ්ඩායම් වශයෙන් යොමු කිරිම සහ ආපදා ප‍්‍රදේශයන් වෙත පොලිස් නාවික කොට්ඨාසය මගින් අවශ්‍ය දායකත්වය ලබා දිම.
x සියලුම පොලිස් කොට්ඨාස භාර නිලධාරින් විසින් ආපදා කළමනාකරණ ඒකක, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල සහ සිවිල් සමාජයන් සමඟ එක්වි ආපදාවන්නට භාජනය වු පුරවැසියන්ගේ ජිවිත” දේපළ ආරක්‍ෂා කිරිමට කටයුතු සැලසිම සහ සහනාධාර බෙදා දිම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් දියත් කිරිම.
x සියන්‍දාම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් පොලිස් ස්ථානවල පිහිටුවා ඇති ප‍්‍රජා පොලිස් ඒකක මගින් සිවිල් ආරක්‍ෂක කමිටු සමග සම්බන්ධ වි අවශ්‍ය කටයුතු සංවිධානය කිරිම.
x ඇති වි ඇති ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයන් ප‍්‍රදේශයේ විශේෂ කාර්ය බලකා කදවුරු සහ ති‍්‍රවිධ හමුදාව සමඟ සම්බන්ධ වි ඔවුන් සුරක්‍ෂිත ප‍්‍රදේශයන් වෙත රැගෙන යාමට කටයුතු කිරිම සහ අතුරුදහන්වුවන් සෙවිමේ කටයුතූ” මරණකරුවන් සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදු කිරිම සහ මරණ පරික්‍ෂණ කඩිනමින් සිදු කර ඥාතීන් වෙත පිළිසරණක් ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම.
x ඉදිරි ආපදා තත්වයන් සිදු විය හැකි ස්ථාන සහ ප‍්‍රදේශ හඳුනාගෙන ආරක්‍ෂිත පියවරවල් අනුගමනය කිරිම සහ ආපදා තත්වය හේතුකොට ගෙන අපරාධකරුවන්ගෙන් සිදුවන නොයෙකුත් අපරාධ වැළැක්විමට කටයුතු කිරිම. යනාදීය වේ.