උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අධිකාරියට ඒ සඳහා උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව අද දිනයේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසුකම් ලත් වාහන සඳහා පමණක් කඩවතල කඩුවෙල, කොතලාවල, අතරුගිරිය, කොට්ටාව යන අන්තර්හුවමාරු මධ්‍යස්ථාන භාවිතා කරමින් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩවත - කොට්ටාව අතර කොටස කෙටි ගමන් සඳහා, ගාස්තු අයකිරීමකින් තොරව භාවිතා කිරීමේ අවස්ථාව හිමි වේ.
මෙහිදී අධිවේගී මාර්ගයට පිවිසෙන රියදුරන් සඳහා පොලිසිය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරන අතර ඒ අනුව කටයුතු කරන ලෙස මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බව ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.