කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සහ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැල්ලව මධ්‍ය මහහා විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සපුරාලමින් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 21 මූල්‍ය ප්‍රතිපාදන යටතේ නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
මෙම සියලු ගුරු පුරප්පාඩු පියවීම සඳහා ක්‍රමානුකූල වැඩසටහනක් දියත් කිරීමේ අවශ්‍යතාවය මේ වන විටත් හඳුනාගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාගේ ද උපදෙස් මත ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බව ද සඳහන් කළේය.
මීට අමතරව පාසල් අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ඉදිරියේදී තීරණාත්මක තීන්දු රැසක් ගන්නා බවත් එල්ල වන පදනම් විරහිත විවේචන දහසකට වඩා ප්‍රසංශා ලක්ෂයක් තමාට වටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් කිහිපදෙනකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.