උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
නවකවදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දඬුවම් කරන්න පුළුවන් නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිල්ල අවශ්‍ය අතර බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ගැන පැමිණිලි කිරීමට උනන්දුවක් දක්වන්නේ නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ සඳහ අද වන විට පැමිණිලි ලැබි තිබෙන අතර ඒ අනුව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ලෝකේ කිසිම රටක මේ වගේ නිදහස් අධ්‍යාපනයක් නැති අතර කිසිම රටක නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වගේ හිරිහැර කරන්නේ නැති බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“අපි නිතර නිතර අපේ ඉතිහාසය ගැන කතා කරනවා. ශිෂ්ඨාචාරය ගැන කතා කරනවා. නමුත් ලෝකේ කිසිම රටක මේ වගේ පලවෙනි වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිරිහැර කරන්නේ නැහැ. මේක අපේ රටට විශාල ලැජ්ජාවක්.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මේ නවක වදය පිලිබඳ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත යොමු කරලා තියෙනවා. අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා මේ පිලිබඳ ජනතාව දැනුවත් කරන්න කියලා. ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබන අය මොනවද කරන්නේ කියලා ජනතාව දැනගන්න ඕනේ. ඒ වගේම දෙමවුපියෝ දැනගන්නත් ඕනේ තමන්ගේ දරුවෝ මොනවද කරන්නේ කියලා. ගොඩක් දරුවෝ ගෙවල්වල අහිංසක ලීලාවෙන් හිටියට රංචු ගැහුනාම කරන දේවල් හිතා ගන්නත් බෑ. මේ වීඩියෝ දර්ශන දිහා බැලුවාම ඒක පේනවා. අපි ජනතාවගෙනුත් ඉල්ලනවා, මේ නවක වදය නවත්තන්න ජනතාවගේ සහයෝගය දෙන්න කියලා.
රජයක් විදියට අපි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. මේක යහපාලන රජයක්. පහුගිය කාලේ තමයි නීතිය ක්‍රියාත්මක වුනේ නැත්තේ. පහුගිය රජය මාධ්‍යවේදීන් මැරුවා. මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. මිනිස්සු ගස් බැන්දා. මිනිස්සු පැහැරගෙන ගියා. අග්‍රවිනිශ්චයකාරතුමිය එලෙව්වා. සරත් ෆොන්සේකා බිම දිගේ ඇදගෙන ගියා.මේ වගේ නීතිය වල් වැදුන යුගයක් තමයි ඒ කාලේ. නමුත් යහපාලන රජයක් විදියට අපි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.“