විදෙස් රැකියාවල නිරතවන අය හා ඒ අයගේ පවුල්වල සාමාජිකයින් විසින් කාර්යාංශයේ සමථ අංශයට මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර එසේ ලැබෙන පැමිණිලි විභාග කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදී අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඇය කළාය.
2015 වර්ෂයේ පැමිණිලි 10,505 සමථ අංශයට ලැබී ඇති අතර, 2014 හා 2015 වර්ෂවල පැමිණිලි 11035 සඳහා විසඳුම් ලබාදී තිබේ.
මෙම පැමිණිලිවලින් 2015 වර්ෂයේ වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ සෞදි ආරාබියේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙනි. එම පැමිණිලි ප‍්‍රමාණය 3668කි.
මෙහිදී විශේෂයෙන්ම පැමිණිල්ලක් ලෙස සළකණු ලබන්නේ විගමණික ශ‍්‍රමිකයාගේ රැකියා ආශ‍්‍රීත ගැටලුවක් හෝ රැකියා ස්ථානයේ මතුව ඇති ගැටලුවක් නිසා එම පුද්ගලයාට අගතියක් සිදුව ඇති බව හෝ සිදුවීමට ඉඩ ඇති බව හෝ දන්වා සිටින්නේ නම්, එය පැමිණිල්ලක් වශයෙන් සැලකිය හැක.
ඒ අනුව දේශීය රැකියා නියෝජිතයා විසින් පොරොන්දු වූ රැකියාව හෝ පොරොන්දු වූ වැටුප නොලැබීම, සේව්‍ය පාර්ශවය විසින් සේවා ගිවිසුම උල්ලංඝණය කිරීම, සේවකයා නොවන වෙනත් පාර්ශවයක කිසියම් කි‍්‍රයාවක් හේතුවෙන් සේවකයා අසහනයට/අගතියට පත්වීම යනාදී කරුණු ඒ අතර වේ.