නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණයට කළමනාකරුවන් 250ක්

    අප්‍රේල් 06, 2016

    ඉදිරියේදී රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් බලශක්ති කළමනාකරුවන් 250 ක් පත්කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    විදුලිබල අභියෝගවලට මුහුණු දීම සඳහා  ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි  කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට තිරණය කළ අතර ඒ සඳහා කෙටිකාලීන විසඳුම් ලබා දී තිබෙන අතර එක් කරුණක් ලෙස බලශක්ති කළමනාකාරුවන් පත්කිරීම සිදු වේ.

    ඒ මහතා ප්‍රකාශ කළේ තමාගේ වැඩිම කාටුන් ඇඳුනේ පසුගිය වකවානුවේ බවත් විදුලිබල අභියෝගය ඒ තරමටම වැඩි වී තිබෙන බවයි.

     මෙගාවොට් 3,900ක විදුලිබල නිෂ්පාදන ධාරිතාවක් තිබෙන අතර අවශ්‍ය වන්නේ මෙගාවොට් 2400ක් බව පෙන්වා දුන් ඒ මහතා  එවැනි තත්ත්වයක් තුළ  විදුලිය කැපීසට සිදු වන්නේ ඇයි ද යන් ප්‍රශ්නය ඇති වන බව ද සඳහන් කළේය.

    මෙහිදී මෙගාවොට් 3900 න් හරි අඩක් ජල විදුලියෙන් නිෂ්පාදනය කරන අතර  මේ ජල විදුලි බලාගාරවලින් වැඩි ප‍්‍රමාණයක පළමු අරමුණ පානීය ජලය, දෙවෙනි අරමුණ කෘෂිකර්මය, මේ නිසා විදුලි නිෂ්පදනය අභියෝගයකට ලක් වී තිබෙන බවත්  ඒ වගේම මේ දිනවල සුළං අඩුවීම කුඩා ජලවිදුලි බලාගාර කාලගුණිත තත්ත්ව නිසා ඇති වන බලපෑම යනාදී කරුණු හේතු වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


    ඊයේ (05) වෝටර්ස් එජ් හෝටලයේ පැවති සෑම ආයතනයක් සඳහාම බලශක්ති කළමනාකරුවන් පත්කිරීමේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    සෑම බලශක්ති සංරක්ෂණ ක‍්‍රමවේදයන්ගෙන් වසර 2020 වෙද්දි මෙගාවොට් 400ක් ඉතිරි  කිරීමට සැලසුම් කර තිබෙන අතර  මේ සඳහා මූලික වියදමක් හෝ පවත්වාගෙන යාමේ වියදමක් නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya