2016 වර්ෂයට අදාළව නිකුත් කර ඇති පාසල් වාර සටහන සම්බන්ධ අංක 27/2015 දරන චක්‍රලේඛයට අනුව දිවයිනේ සියලුම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය ලබන 11 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
නමුත් හෙට සිට මුස්ලිම් පාසල්වලට ද එසේ එම පාසල්වල සේවයට පැමිණෙන අන්‍ය ජාතික ගුරු භවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ඔවුන්ගේ සංස්කෘතිය අනුව වැදගත් වන සිංහල/දෙමළ අවුරුද්දට අදාළ චාරිත්‍ර ඉටුකිරීමට හැකිවන පරිදි එම පාසල්වලට ද සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අවසන් වන හෙට දින අවසන් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත.
මේ අනුව මුස්ලිම් පාසල් සඳහා අතිරේකව නිවාඩු ලබාදෙන 2016.04.11 සඳුදා දිනය වෙනුවට 2016.04.30 වන සෙනසුරාදා හිලව් දිනයක් ලෙස පාසල් පැවැත්විය යුතු බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.