අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (05) පැවති ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප‍්‍රදානය වෙනුවෙන් සව්සිරිපාය ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.
ටවර් හෝල් පදනම විසින් සංවිධානය කළ මෙම උත්සවයේ දී ජ්‍යේෂ්ඨ වියපත් කලාකරුවන් 70 දෙනෙකු වෙනුවෙන් අවුරුදු තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
ජ්‍යේෂ්ඨ කලාකරුවන් අවම පහසුකම් යටතේ ජනතාව රසවින්දනයට පත් කළ අයුරු සිහිපත් කරමින් ඔවුන්ට සිය කෘතඥතාව ද පළ කළා. දැනට ටවර් හෝල් පදනම ස්ථාපිත කර ඇති සව්සිරිපාය ගොඩනැගිල්ල ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් කලාකරුවන් වෙනුවෙන් සහ ටවර් හෝල් නාට්‍ය පාසල වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවංගත ආර් පේ‍්‍රමදාස මැතිඳුන් ටවර් හෝල් පදනම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර ද ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා, තම අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප‍්‍රතිපාදන ද යොදාගනිමින් ජ්‍යේෂ්ඨ කලාකරුවන් අසනීප තත්වයන්ට ලක්වන අවස්ථාවල ඔවුන්ගේ රෝහල් වියදම් හෝ වෛද්‍ය ගාස්තු පියවා ගැනීමට උපකාරී වන අයුරින් විශේෂ අරමුදලක් පිහිටුවීමට පියවර ගන්නා බව පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප‍්‍රනාන්දු, පාලන හා සංවර්ධන අධ්‍යක්ෂ ලාල් රත්නවීර, ප‍්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක්ද, ටවර් හෝල් නාට්‍ය පාසලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද එක්ව සිටියහ.