සියලුම ජන කොටස් අතර සංහිඳියාව තහවුරු වන ලෙස කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළ ඒ මහතා රටේ ආර්ථික මරමස්ථාන ආරක්ෂා කර ගනිමින් උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සිදු වන බව ද සඳහන් කළේය.
"සංහිඳියාවේ සත්විරුගම" නමින් වව්නියාවේ කොක්එළිය ප්‍රදේශයේ ඉදිවන සත්විරු සංහිඳියා ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (30) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට ඉඩම් අක්කර 44,000ක් ජනතාව අතර බෙදා දී තිබෙන අතර ඉදිරියේදී ඉඩම් අක්කර 65,000ක් ලබා දීමට කටයුතු කර තිබෙන බවත් කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් ඉදිරියට යා යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.