එසේම මාර්තු මස විදුලි පරිභෝජනය ඒකක 10%කට වඩා අඩු අප්‍රේල් විදුලිය පාරිභෝගිකයින් 5,000කට අප්‍රේල් මාසයේ විදුලි බිලෙන් 50%ක් කපා හරින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ සඳහා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් කෙටි පණිවුඩයක් (SMS) පණිවුඩයක් එවා මුලින්ම ලියාපදිංචි විය යුතු බව ද සඳහන් කළේය.
ලියපදිංචි වීම සඳහා L<හිස්තැනක්>විදුලි සේවා ගිණුමේ අංකය 1987 අංකයට එවිය යුතු ය.
ඉහත ආකාරයට කෙටි පණ්වුඩ එවන පාරිභෝගිකයින් ස්ථීර කිරීමේ පණිවුඩයක් “ ඔබ විදුලිබලය සංරක්ෂණය කිරීමේ තරගයට ලියාපදිංචි වී ඇත“ යනුවෙන් පණිවුඩයක් ද ලැබෙනු ඇත.
එසේම මෙම ලියාපදිංචි වන ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ලබන අප්‍රේල් සහ මැයි මස විදුලි පරිභෝජනය ( කිලෝවොට් පැය/ ඒකක) ඉදිරි දින 30ක පරිභෝජනය හා සංසන්දය කරනු ලැබේ.
මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔබ ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු වෙතින් හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ WWW.ceb.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.