නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි ගැටලු විසඳන කැබිනට් අනු කමිටුව අවසන් සමාලෝචනයක Featured

    මාර්තු 22, 2016

    විදුලි ගැටලු පිළිබඳව කඩිනම් විසඳුම් සොයන ජනාධිපති කැබිනට් අනු කමිටුවේ අවසන් සමාලෝචනය ඊයේ (21) දින පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්තී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙම කමිටුවේ යෝජනා ඇතුළත් කඩිනම් වර්තාව හෙට (23) ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, පුළුල් වාර්තාව මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතය.

    විදුලිබල ක්ෂේත‍්‍රයේ තාක්ෂණික වෙනස්කම් කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් යොදා ගැනීම, හදිසි ආපදාවන් සඳහා මුහුණදීම ඇතුළුව ආසන්නයේ සිදු වූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන්ද කරුණු මෙමඟින් ඉදිරිපත් කිරීමට නියමිතය.

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, අමාත්‍ය සාගල රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya