නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි ගැටලු විසඳන කඩිනම් වාර්තාට අද ජනපතිට Featured

    මාර්තු 23, 2016

    විදුලි ගැටලු විසදන ජනාධිපති කැබිනට් අනු කමිටුවේ කඩිනම් වාර්තාව අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ  සභාපතීත්වයෙන් යුත් විදුලි ගැටලු පිළිබඳව කඩිනම් විසඳුම් සොයන ජනාධිපති කැබිනට් අනු කමිටුවේ අවසන් සමාලෝචනය පසුගියදා අවසන් කළේය.

    ජනාධිපතිතුමා මේ අමාත්‍ය කමිටුවට වගකීම් 2ක් පැවරූ බවත් විදුලිබල ක්ෂේත‍්‍රය මුහුණ දී තිබෙන ගැටලු කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමේ වගකීම භාර දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කෙටිකාලීන විසඳුම් ලබාදිම සඳහා සතියක කාලයක් ලබා දුන් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම වාර්තාව සකස් කිරීමේදී  විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය සමඟ ද සාකච්ඡා  කළ බව ද සඳහන් කළේය.

    දීර්ඝකාලීන විසඳුම් වාර්තාව සැකසීම සඳහා මාස 03 ක් ලබාදී තිබෙන බවත් එම වාර්තාවත් ඉතාම කඩිනමින් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, අමාත්‍ය සාගල රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සමාජිකයන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya