සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගැනීමට නියමිතය.
මේ වනවිටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව සමඟ ද පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව විශේෂඥ වෛද්‍යවරු 3078 අවශ්‍ය වුව ද මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව 1,577 කි. දැනට වෛද්‍යවරුන් 18,200 අවශ්‍ය වුව ද සේවය කරනු ලබන්නේ වෛද්‍යවරු 16,100 ක් පමණි. මෙම වසරේ තවත් වෛද්‍යවරුන් 1,100 ක් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,600 ක් රෝහල්වල සේවය කරනු ලබයි. දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නේ 60 ක් පමණි. එම නිසා පශ්චාත් උපාධි ආයතනය මගින් පුහුණූ පාඨමාලා වැඩි කරමින් විශේෂඥ වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහි කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ෙමි වනවිට වෛද්‍යවරුන් පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ද ආරම්භ කර ඇත. එහි ප‍්‍රතිඵල ද සමගින් මානව සම්පත් බෙදා හැරීෙමි දී විධිමත් ක‍්‍රමෙවිදයක් භාවිත කළ හැකි බව ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පෙන්වා දෙයි.