විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ පරිපාලනය සහ කළමණාකරනය ප‍්‍රතිසංවිධානයකට ලක්විය යුතු බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ(20) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති අග්නිදිග විශ්ව විද්‍යාලයේ 2016 වර්ෂයේ උපාධි ප‍්‍රදානෝත්සවයට එක් වෙමිනි.
අදට වඩා හොඳ හෙට දවසක් දැයේ දරුවන්ට උරුමකරදෙමින් අන්තර්ජාතික වශයෙන් පවතින තරගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මෙන්ම පාසල් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් නොඅඩුව ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය ශක්තිමත් කරන බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ආචි මොහොමඞ් ඉෂාක්, උපකුලපති එම්.එම්. නජීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
pmdnews