ශ්‍රී ලංකා රජයේ සත්කාරකත්වය මත පැවැත්වෙන මෙම සමුළුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති, බැම්බැන්ග් සුසන්ටෝනෝ මහතා ආරම්භක දේශනය පවත්වනු ලැබේ.
ආසියානු සංවර්ධන සමුළුව ජපානය හා කොරියාව යන රටවල යෝජනාවක් අනුව, 2010 වර්ෂයේදී ආරම්භ විය. පසුගිය ආසියානු සංවර්ධන සමුළුව, කොරියාව, ජපානය, තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවල පැවති අතර, අවසාන සමුළුව 2014 වර්ෂයේදී වියට්නාමයේ දී පැවැත්විණි.
අදින් කොළඹ දී ආරම්භ වන ආසියානු සංවර්ධන සමුළුවේ දී ආසියානු රටවල, ණයදෙන ආයතන හා තානාපති කාර්යාල නියෝජිතයින් මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගිවීමට නියමිතය.