නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකට ලෝක සාම සමුළුවෙන් ගෞරව සම්මාන 02 ක් Featured

    මාර්තු 17, 2016

    මෙවර  ඉන්දියාවේ කල්කටාහිදී  පැවැත්වෙන ලෝක සාම සමුළුවේදී විශේෂ  ගෞරව සම්මාන 02 ක් සදහා  ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායක  ජයසුරිය මහතා පිදුම් ලැබුවේය.

    1995 වසරේ  සිට  සෑම  වසරකම  ලොව පුරා අපරාධ  වැලැක්වීම,  වාර්ගික සහජීවනය ගොඩ නැංවීම,  සමාජ සංවර්ධයන හා මානුෂික ක්‍රියාකරකම්,  සාමය  හා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය, අන්තර්ආගමික සහයෝගීතාව, ස්වේච්ජා සමාජසේවා කටයුතු, යන  ක්ෂේත්‍රවලින්   විශිෂ්ට  සේවයක් ඉටුකල ලෝකයේ කිර්තිමත් පුද්ගලයන්  වෙනුවෙන් ලෝකසාම සමුළුවේදී මෙම සම්මාන පිරිනමයි.

    ශ්‍රී  ලංකාවේ  කතානායකවරයාට  පිරිනැමෙන  මෙම  සම්මාන අතර  එක්  සම්මානයක්  වනුයේ "විශ්ව  ශාන්ති ලෝකසාම සම්මානයයි".  

    මෙම  සම්මානය  ප්‍රදානය කිරීමේ දී  ගෙවි ගිය වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රි ලංකාවේ  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට විනිවිද භාවයක් සහිත සාධාරණ සමාජයක් ගොඩනැංවීම සමාජ සහජීවනය  සදහා  වූ දායකත්වය හා පොදුවේ සියලු ආගම් කෙරෙහි අනුගමනය කල සහජීවශීලි ක්‍රියාමාර්ග ආදිය  සැලකිල්ලට භාජනය කර තිබේ. විශේෂයෙන්ම තොරතුරු  දැනගැනීම සහ  යහපාලනය උදෙසා  කළ  කැපවීම ද  මෙහිදී ඇගයීමට පාත්‍රව   ඇත.


    දෙවන  සම්මානය වන  ආචාර්ය අම්බේකාර් මහාසේවාරත්න විශිෂ්ට සමාජසේවා සම්මානය පිරිනමනු ලැබ  ඇත්තේ   අධ්‍යාපනය හා සෞඛ්‍ය  ක්ෂේත්‍රය  සඳහා වු දායකත්වය වෙනුවෙනි . 1996  සිට  ස්ථාපිත සුර්ය පදනම නැමැති සමාජසේවා ආයතනය මගින්  තිස් දහසකට අධික තරුණ තරුණියන්ට  නොමිලේ වෘත්තිය පුහුණුව ලබා දීම ,සෞඛ්‍ය කදවුරු පවත්වමින්  අසරණ රෝගින්ට උපකාර කිරිම, අදිය මෙහිදී සැලකිල්ලට භාජනය වී තිබේ.
    1995  වසරේ සිට ලොව පුරා ගෞරවනීය  සම්භාවනීය චරිත රැසක් මෙම  සම්මානයන්ට පාත්‍ර වී ඇති  අතර, සෑම  වසරකම ලොව පුරා  කීර්තිමත් පුද්ගලයන් මෙම සම්මානයන්ට  පාත්‍රව  ඇති අතර  SIDDHARTH UNITED SOCIAL WELFARE MISSION (SUWM)සම්මාන උළෙලේ   සංවිධායකත්වය දරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya