මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා (Neven Mimica) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමි දිස්ත්‍රික්කයන්හි ඒකබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහනට අදාළ ගිවිසුමක්, අත්සන් කෙරුණු අතර ඒ සඳහා ලබා දෙන මුදල යුරෝ මිලියන 30කි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්‍රිත සහාය සඳහා වූ වැඩසටහන වෙනුවෙන් තවත් යුරෝ මිලියන 8ක මුදල් ලබා දීමට අදාළ ගිවිසුමක් ද මෙහි දී අත්සන් තැබිණි.
ඊට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත යුරෝ මිලියන 5.7 ක් වටිනා තාක්ෂණික සහාය ලබාදීමට අදාළ තවත් ගිවිසුමක් ද අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්‍රිත කටයුතු සඳහා සහාය වැඩසටහනට අදාළ මූල්‍යය ගිවිසුම් දෙක වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා අත්සන් තැබු අතර, යුරෝපා සංගමය වෙනුවෙන් අන්තර් ජාතික සහයෝගිතාවය සහ සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මැතිතුමා අත්සන් තබන ලදී. තාක්ෂණික සහයෝගිතා ගිවිසුම සඳහා ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ (AFD) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ නිකොලස් ෆොනේජි (Nicolas Fornage) මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් අත්සන් තබන ලදී.
යුරෝපා සංගමයේ සහය නැවත මෙරටට ලැබීම සතුටට කරුණුක් බවත් ආර්ථික වශයෙන් වගේ ම තාක්ෂණික වශයෙන් ලබා දෙන සහය අතිශය අගය කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දිගු කාලීන විශ්වාසනීය සහකරුවකු වීමට තම සංගමය සූදානම් බවයි.
ගෙවීගිය වසර 20ක පමණ කාලය තුළ යුද්ධයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන්, සුනාමියෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් යුරෝපා සංගය උපකාර කළ බවත් 2014 – 2020 කාලය තුළ එම සංගමය ලබා දෙන සහය දෙගුණ කිරීමට තීරණය කර තිබෙන බවත් මිමිකා මහතා සඳහන් කළේය.
ඒ අනුව එම කාලය තුළ යුරෝ මිලියන 210 ප්‍රදානයන් වගේ ම තාක්ෂණික සහය ලබා දීමට අපි බලාපොරොත්තු වන ප්‍රකාශ කළ ඒ මහතා රට තුළ ක්‍රියාත්මක යහපාලනය සහ ප්‍රතිසංධාන වැඩපිළිවෙළ පිළිබඳ සතුටට පත් වන අතර ඒ නිසා ම ශ්‍රී ලංකාවේ දිගුකාලීන විශ්වාසනීය කොටස්කරුවකු වීමට යුරෝපා සංගම සූදානම් බවද වැඩිදුරටත් කියා සිටියේ ය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් - මරීන් ස්චුහ් (Jean-Marin Schuh) මැතිතුමා ද, යුරෝපා සංගමයේ වැඩබලන තානාපති, පෝල් ගොඩ්ෆ්‍රී (Paul Godfrey) මැතිතුමා ඇතුළු යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරී පිරිසක් සහභාගී වූහ.