නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ළමුන්ට අලෙවිට ගෙනා බාබුල් තොගයක් අත්අඩංගුවට

    මාර්තු 18, 2016

    මෙම වසරේ පළමු මාස 02 තුළ පාසල් ළමුන්ට අලෙවි කිරීම සඳහා රැගෙන ආ මත්ද්‍රව්‍ය ඇතුළත් බාබුල් විශාල තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    ගුවන්තොටුපල රේගුව, සෞඛ්‍ය නිරෝධායන ඒකකය සමග අත්අඩංගුවට ගත් මෙම බාබුල් තොගය මාලදිවයින, ඉන්දියාව, පාකිස්ථානය, සහ කුවේට් යන රටවල සිට ආනයනය කර ඇත. සාමාන්‍ය ගුවන් මගීන් විසින් ගෙන්වන ලද මෙම බාබුල් ආහාර පනතට අනුව තහනම් කර ඇත.

    අත්අඩංගුවට ගත් බාබුල් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට පමණ ආසන්න වන අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙරේදා එම බාබුල් තොග පරීක්ෂාවට ලක් කළේය.


    එම පරික්ෂා කිරීමෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ පාසල් දරුවන් ඉළක්ක කර ගනිමින් ලංකාවට තහනම් මත්ද්‍රව්‍ය ඇතුළත් බාබුල් ගෙන්වන බවයි.

    පසුගිය මාස 04 - 05 ක කාලය තුළ ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද තහනම් ආහාර වර්ග මෙන්ම කුඩා දරුවන් මත් වෙන විවිධ දේවල් අත්අඩංගුවට ගන්න වැටලිම් සිදුකර තිබෙන බවත්, පාසල් ළමයින් බේරා ගැනීමේ අරමුණින් අඛණ්ඩව එම වැටලිම් සිදු කිරීමට පියවර ගන්නා බවත් ය.  

    ජනාධිපතිතුමාගේ මතින් තොර රටක් නිර්මාණය කිරීම සදහා මෙවැනි වැටලීම් තුළින් තහනම් මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම වැළැක්විය යුතු බවයි.
     
    මෙම බාබුල් තොගයට අමතරව මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු උම්බලකඩ තොගයක් ද පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒවා මේ වනවිට විනාශ කර ඇත. මෙම බාබුල් තොගය ද විනාශ කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාංශයට දැනුම් දුන් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි. 2016 වසරේ ගුවන් මගීන් 419 ක් පරීක්ෂා කරමින් ආහාර මළු 1478 ක් පරීක්ෂාවට ලක් කර ඇත. ඉන් තහනම් ආහාර වර්ග 174 ක් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම බාබුල් තොගය පරීක්ෂා කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත කුමාරපේ‍්‍රම මහතා, ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාංශයේ කාර්යභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය චමින්ද සල්ගාදු මහතා, ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂ ප‍්‍රදීප් පුෂ්පකුමාර මහතා, වෛද්‍ය ගුණමුනි යසපාල මහතා යන මහත්වරු සහ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya