බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති වැවිලි ක්ෂේත්රයේ නියුතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය.
කඳුකර ජනතාවගේ සමාජ සංවර්ධනය සඳහා පස් අවුරුදු වැඩසටහන පළනි දිගම්බරම් අමාත්‍යවරයා විසින් එළිදක්වනු ලැබුවා.එම වැඩසටහන යටතේ කඳුකරයේ වැවිලි ක්ෂේත්රයේ නියුතු ජනතාවට ඉඩම් අයිතිය, නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ.
කඳුකරයේ මීට පෙරාතුව නොදුටු සංවර්ධනයක් දැන් දක්නට ලැබීම පිළිබඳව මම පළනි දිගම්බරම් ඇමැතිතුමාට ප්‍රශංසා කරනවා. එමෙන්ම එම ජනතාවගේ යටිතල පහසුකම් ලබාදීමට ද පියවර ගනිමින් සිටිනවා. සමාජයේ කොටසක් වශයෙන් වැවිලි ක්ෂේත්රයේ නියුතු කඳුකරයේ ජනතාව ද එක් වනවාග එය ඔවුන්ට තිබෙන අයිතියක්.
1994 මෙය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වුණා. නමුත් අවුරුදු 20 ක් ගත වී තිබෙන මේ දක්වා එය ක්‍රියාවට නැගුණේ නැහැ. එම කාලය තුළ කිසිඳු වැඩකටයුත්තක් සිදුවූයේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ පළනි දිගම්බරම් අමාත්‍යවරයා අමාත්‍යාංශය බාර ගෙන කඳුකරයේ ජනතාවගේ ජීවන රටාව නගාසිටුවීමට විශාල උනන්දුවකින් ක්‍රියා කරමින් සිටිනවා.
අපට අද අවශ්‍ය වි තිබෙන්නේ මේ ජනතාවගේ ජීවන රටාවන් සම්පූර්ණයෙන් දියුණුවට පත් කිරීමයි'. ඔවුන් සඳහා ඉඩම් අයිතිය, නිවාස අයිතිය, යටිතල පහසුකම් මෙන්ම අධ්‍යාපන පහසුකම් ද වැඩි දියුණු කළ යුතුයි.
මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ වතුකරයේ පාසල් බාරගත්තා. ඒත් මම මේ වර අගමැතිවරයා වශයෙන් පත්වූ අවස්ථාව වනවිට උසස් පෙළ පාඨමාලා තිබුණු පාසල් තිබුණේ නැහැග එහෙත් එවැනි සංඛ්‍යාවක් නම් කොට තිබෙනවා, අධ්‍යාපන ඇමතිතුමාත්, රාජ්‍ය ඇතිතුමාත් එක්ව මේ පාසල් දියුණු කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
මේ වැඩසටහන ගැන මම යමක් ප්‍රකාශ කිරීමට කැමතියි. මේ වැඩසටහන රටේ ජනතාවගේ අයිතිය ලබාදීමේ වැඩ සටහනේ එක් කොටසක් වශයෙන් හඳුන්වා දිය හැකියි.
යුද්ධයෙන් පසුව උදාවූ සාමයේ ප්‍රතිඵල මේ රටේ ජනතාවට ලැබුණේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අතීතයේ සිදුවූ තුවාල සුව කිරීමට කටයුතු කළේ නැහැ. යුද්ධයෙන් පසුව උදාවූ සාමයෙන් රටේ ඇතිවූ සංවර්ධනයේ ප්‍රතිඵල
ජනතාව ලබා දුන්නේ නැහැ. මේ රටේ කෘෂි කර්මාන්ත කටයුතු කළ එහෙත් එම ඉඩම්වල සින්නක්කර අයිතිය නොමැති බොහෝ පිරිසක් හිටියා.
ඒ ප්‍රදේශයේ ජනතාවට නිවාස ගොඩනැගීමට රජයෙන් උදව් කළා. ඒත් ඒවායේ සින්නක්කර අයිතිය ලබාදී තිබුණේ නැහැ. යුද්ධය නිසා අහිමි වී ගිය නිවාස හා ඉඩම් තිබුණත් ඒවායේ සින්නක්කර අයිතිය ලබාදී තිබුණේ නැහැ.කඳුකරයේ කිසිම නිවාස අයිතියක් නොතිබුණු බොහෝ පිරිසක් හිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා පත්වූයේ ජනතාවගේ එම අයිතිය ලබාදීමටයිග ඒක විප්ලවකාරි වෙනසක් වුණා.
මෙයට කලින් දශකයේ ජනතා අයිතිය සොරකම් කළාග ඇත්ත වශයෙන්ම සොරකම් කළ දේවල් තවම අපි දන්නේ නැහැ. දැන් ඒවා සොයාගෙන යනවා. දැනට අපි රුපියල් බිලියන 1000ක් සොයාගෙන තිබෙනවා. අර ගුවන්යානා 8ක්
මිලදි ගත්තේ නැති නම් ඒ මුදලින් ගෙවල් හැදුවා නම් උතුරේ ද්‍රවිඩ මිනිස්සුන්ට දකුණේ සිංහල මිනිස්සුන්ටල නැගෙනහිර මුස්ලිම් මිනිස්සුන්ට කදුකරේ ද්‍රවිඩ මිනිස්සුන්ට කොපමණ ගෙවල් සංඛ්‍යාවක් හදා දෙන්න තිබුණද
ගුවන්යානා 8ක් මිළදි ගන්නට ඩොලර් මිලියන 211ක් ගියා. දැන් මෙම වැඩසටහන වැය වුණේ මිලියන 10යි. මේ වාගේ 21 ගුණයක් වැයකළා ගුවන් යානා මිළදී ගන්නට. හෙජින් ගිවිසුමට මේ වගේ 18 ගුණයක් වියදම් කළා. හැම පුද්ගලයෙකුටම ගෙයක් නොවේ මාලිගාවක් හදාදෙන්නට තිබුණා. යාපනයේ ගෙවල් නොහැදුවාට මාලිගාවක් හැදුවා.
මම එදා පානමට ගියා. කුඩා මාලිගා 3ක් තිබෙනවා . මුහුදට අඩි 20යි හැම මාලිගාවෙම පිහිනුම් තටාකයක් තිබෙනවා. ඒ මාලිගා තුනට සාලය, නිදන කාමරය, කෑම කාමරය ආදි වශයෙන් කාමර 3 බැගින් තිබෙනවා. බාර් 3ක් තිබෙනවා, ජිම් තුනක් තිබෙනවා, සවුනා නාන තටාක 3ක් තිබෙනවා, නැගෙනහිර පළාතට සවුනා නාන තටාක අවශ්‍ය වන්නේ ඇයි දැයි මම දන්නේ නැහැ, නමුත් කදුකරයේ ඇති ගෙවල්වලට මේ පහසුකම් තිබෙනවාද? ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැහැ, යාපනයේ සමහර ජනතාවට ගෙයක්වත් නැහැ, දකුණේ අපේ ඇතැම් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදී නැහැ, ඒ අය ළඟ හොරකම් කිරීමේ විශාල වැඩ සටහනක් තිබුණා, මේ සොරකම් කිරීමේ වැඩ පිළිවෙල නිසා අපි නොහිතපු ආකාරයට වියදම් වැඩිවුණා, හංගාගෙන තිබූ වියදම් අපි හොයා ගත්තා. ඒ තොරතුරු ජනතාව ඉදිරියේ අපි හෙළි කළා. විශාල වියදමක්. විශාල ණය ප්‍රමාණයක්. එහෙම වුනා කියලා අපි
අපේ වැඩ නැවැත්තුවේ නැහැ. අපි ගෙවල් හදාගෙන යනවා. පාරවල් හදාගෙන යනවා. පාසල් හදාගෙන යනවා. කවුද හොරකම් කළේ කියලා මම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. දැන් ඒ පිළිබදව හොයයි කියල විශ්වංස භංග යෝජනා ගේන්න හදනවා. මම කියන්නේ මේව සොයාගත්තායින් පසුව අපිට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගේන්න කියලයි. විශ්වාසභංග යෝජනාවක් ගේන්න කියන්නේ ඇමතිවරයෙකුට විරුද්ධව නොවෙයි. සාමාන්‍ය මන්ත්රිවරයෙකුට විරුද්ධවයි. ඉතින් අපි පළමුව මේ ගැන සොයලා බලල ඉන් පසුව විශ්වාස භංග යෝජනාව සුදුසු පුද්ගලයාට විරුද්ධව ඉදිරිපත් කරමු.
ඒ සදහා පාර්ලිමේන්තුවේ කරක සභාව පත්කරමු. ඒ වැඩ කටයුතු කරමු මතක තබාගන්න ඇමතිතුමා. අර ගුවන්යානා මිළදි ගත්තේ නැතිනම් මේ වගේ වැඩසටහන් 21ක් ලබා දෙන්නට තිබුණා. ඒ කියන්නේ හැම තැනම අපට ගෙවල් හදන්නට තිබුණා. මට ප්‍රශ්නයක් ඉදිරිපත් කොට තිබුණා. ඒ ගැන සොයා බලන විට හමුදාවෙන් කියනවා උතුරේ රත්රන් කිලෝ ග්‍රෑම් 180ක් ගත්තා කියලා. නමුත් සම්පූර්ණ ගණන එතැන නැහැ. දවල් මම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුවූ අවස්ථාවේ එතුමා ප්‍රකාශ කළා. රත්රන් කිලෝ ග්‍රෑම් 220ක් භාර ගත් බව. දැන් මේවා ගැන අපි කරන්නේ මොනවාද කවුද මේවට වගකියන්නේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ නිසා අපි ජනතාවට අයිති දේවල් ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ වැඩපිළිවෙලයි කරගෙන යන්නේ.
මේ රටේ ආර්ථික සංවර්ධනයට උදව් කළ වැවිලි කර්මාන්තයේ නියුතු ජනතාවට මෙම අයිතීන් ලබාදෙන්නේ එම නිසයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.