නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001: 2008 සහතිකය වරාය ලබා ගනී

    මාර්තු 12, 2016

    වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය, වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001 : 2008 තත්ත්ව සහතිකය ලබාගත් පළමු සහ එකම ආයතන බවට අද පත් විය.

    වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැති උත්සවයකදී එම තත්ත්ව සහතිකය වෙළඳ හා නාවික ලේකම් කාර්යාලයට පිරිනැමුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටී. ජී. ජී. ධර්මවර්ධන මහතා විසිනි.

    එම තත්ත්ව සහතිකය පිළිගනිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගැනීමේ සංස්කෘතිය වරාය ක්ෂේත්‍රයට හඳුන්වා දීමෙන් පසුව ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට වරාය සහ නාවික අමාත්‍යාංශය සමත් වූ බවයි.

    “අපි වරාය සහ නාවික අමාත්‍යාංශය භාරගනිද්දී නිරන්තරයෙන්ම කල්පනා කළේ ප්‍රවීණයන්ගේ උපදෙස් ලබාගනිමින් කටයුතු කරන්න. නමුත් පසුගියකාලයේදී ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගත්තේ නැහැ. අද වෙළඳ හා නාවික ලේකම් කාර්යාලයට ISO 9001:2008 තත්ත්ව සහතිකය ලබාගැනීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමා විශාල ප්‍රයත්නයක් දැරුවා. මෙම සහතිකය ලබාගැනීමට අපි බොහෝ කාලයක් සාකච්ඡා කළා. අද මේ ජයග්‍රහණය ලබාගැනීම සඳහා වෙහෙස මහන්සි වූ සියලුදෙනාටම මම සුභ පතනවා....... ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya