මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 13 වන ඉරු දින ප.ව.2.30ට මහනුවර අස්ගිරි පොලිස් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1922 දී මාතලේ ගලගම ග්‍රාමයේ උපත ලබා යටවත්ත වීරපරාක්‍රම මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා 1936 දී උරුලෑවත්ත පුරාණ විහාරයේදී පැවිදි බිමට පත්විය. ගලගම ධම්මදස්සි හිමිපාණන් මාතලේ ධර්මරාජ මහ පිරිවෙනින් පාලි, සංස්කෘත දෙමළ ආදි භාෂා ශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කොට ප්‍රාචින, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන පරික්ෂණ සියල්ල උසස් ලෙස සමත්ව, විද්‍යෝදය පිරිවෙණින් ත්‍රිපිටක ධර්ම පරික්ෂණය ඉහළින් සමත්ව සද්ධර්මාචාර්ය උපාධිය හා ත්‍රිපිටකාචාර්ය උපාධිය ලබාගත්හ. 1942 මැයි මාසයේ වෙසක් පොහොය දිනයේ අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලැබු උන්වහන්සේ 1999 දෙසැම්බර් මස 13 දින අති පුජ්‍ය අනුනායක පදවියට පත්විය. අතිගෞරවාර්හ අස්ගිරි මහා විහාරයේ පාර්ශවයේ ගලගම ශ්‍රි අත්තදස්සි අනුනායක මාහිමිපාණන් වහන්සේ 2015 මැයි මස අටවෙනි දින අති ගෞරවාර්හ මහනායක පදවියට පත්විය.
අපවත්වී වදාළ ගලගම අත්ථදස්සි හිමිපාණන්ගේ ශ්‍රි දේහය මේ වනවිට අස්ගිරිය උරුලෑවත්ත විහාරස්ථානයේ තැන්පත් කොට ඇති අතර අද සවස 4.00ට අස්ගිරි මහ විහාරයේ උපාලි ශාලාවට වැඩම කිරීමට නියමිතය.
ආදහන පුජොත්සවය පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ අස්ගිරි මහ විහාරස්ථානයේදී පැවති අතර මේ සඳහා අස්ගිරි පාර්ශවයේ නායක ස්වාමින් වහන්සේලා රැසක්ද, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මහජන නියෝජිතයන්ද, පොලිසිය ත්‍රිවිද හමුදාව නියෝජනය කරමින් නිලධාරින්ද රාජ්‍ය නිලධාරින් රැසක්ද සහභාගි වුහ.
ආදාහන පූජෝත්සවය පිළිබද රාජ්‍ය අංශයේ සියලු සම්බන්ධිකරණ කටයුතු මහනුවර දිසාපති එච්.එම්.පී.හිටිසේකර මහතාගේ සංවිධානයෙන් සිදු කෙරේ.