එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, සමඟ එක්ව ශ්‍රී ලංකාවේ උණ වගාව ව්‍යාප්ත කිරීම සහ ඒ තුළින් උණ කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ වැඩමුළුවක් පසුගියදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණ.
උණ වගාව ප්‍රචලිත කිරීම, උණ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම , වෙළඳපළ හඳුන්වාදීම මෙන්ම උණ වගාව සඳහා අවශ්‍ය කාර්මික හා තාක්ෂණික දැනුම උණ වගාකරුවන්ට මෙම වැඩමුළුව හරහා ලබාදීමට බලාපොරොත්තුවිය.
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් මෙම වැඩමුළුව ශ්‍රි ලංකාවේ පැවැත්වූයේ 2 වන වරට වන අතර 100 කට අධික වගාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පරිසරවේදීන්, උණ භාණ්ඩ නිෂ්පාදකයින්, ව්‍යවසායකින්, විද්‍යාත්මක ගවේශකයින්, රාජ්‍ය නිලධාරීන් සහ වෙනත් කාණ්ඩයමක් මෙම සඳහා එක්ව සිටියහ.
මෙම වැඩමුළුවේ මෙවර තේමාව වූයේ “කර්මාන්ත හා හරිත අනාගතයක් සඳහා උණ වගාව” යන්නයි.
මේවන විට ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 7500 ක උණ වගාව ව්‍යාපත්වී ඇති අතර 2020 වන විට හෙක්ටයාර 15,000 ක් දක්වා එම ප්‍රමාණය වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි. අවුරුදු 03 - 04 ත් අතර කාලයක් තුළදී ඵලදාව ගැනීමට හැකියාව ඇති උණ ශාකය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගාකිරීමේ හැකියාව ඇති විශේෂිත ශාබයකි. දැනට මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව ( මහවැලි ගඟ දිගට) හෙක්ටයාර 5600 ක උණ වගාව ව්‍යාපත්වී ඇත.
ලෝක වෙළඳ පොලේ උණ නිෂ්පාදන සඳහා ඉතා ඉහල ඉල්ලුමක් පවතින අතර ලෝක උණ නිෂ්පාදනයෙන් 80% ක් ලබා දෙන්නේ චීනයයි. ඊට අමතරව ඉන්දියාව 2%ක දායකත්වයක් ලබා දෙන අතර, කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බංගලිදේශය වැනි රටවල්ද උණ වෙළඳපොළ සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දේ.
අවුරුදු 100 කට වඩා පැරණි කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇති උණ කර්මාන්තය ලංකාවට ඉතා හොඳ ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇත. දැනට ඉතා සුළු වශයෙන් ගෘහ කර්මාන්තයක් ලෙස පමණක් පවත්වාගෙන මෙම කර්මාන්තයට ඉතා හොඳ අපනයන ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමට හැකි වේ.