සොබාදහමේ විපත් මෙන්ම රෝ දුක් පැවතිය ද ඒවා නිශ්චිතව ජයගත හැකි මගක් අපට නැති නමුත් රෝගී සමාජයක් නිරෝගී කිරීම සඳහා අධිෂ්ඨානශීලීව ක්‍රියා කිරීම අපට අසීරු නැති බව සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදට වකුගඩු දිනය වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය
“තිහේ දශකයේදී රජරට ඇතුළු වියළි කලාපීය ජනජීවිතයම වෙළාගත් මැලේරියා වසංගතය මේ මිහිමතින් උපුටා දැමූ අපි අද අලුත්ම මාරයෙකු අබියසට ළංවී සිටිමු. ඒ වකුගඩු මාරයායි. විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු කෙරෙහි අපේ ගොවිබිම්වල ජනතාව අද වකුගඩු මාරයා අබියස අසරණව දුක්බරව බලා සිටිති. රජරට කේන්ද්‍ර කරගත් මේ වකුගඩු රෝගය අනුරාධපුර, පොළොන්නරුව සීමාවලින් ද ඔබ්බට යමින් දැන් පුළුල් වසංගතයක් සේ ව්‍යාප්ත වෙමින් තිබෙන බව නොරහසකි.
සෞඛ්‍යය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මේ බරපතල සමාජ ඛේදවාචකයෙන් ජනතාව මුදවා ගැනීම මගේ පරම අභිලාෂය විය. මා ඒ වෙනුවෙන් දරන ලද ප්‍රයත්නයන් ද බොහෝ විය.
ජනාධිපතිවරයා ලෙසින් පත්වූ විගස, මාගේ එක් පරන් මුඛතාවයක් වූයේ ද අහිංසක ජනතාව, මෙකී ව්‍යසනයෙන් මුදාගනු පිණිස, හැකි සෑම උත්සාහයක්ම ගැනීමය. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කරමින්, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණ අතර රෝගය බහුල ලෙස ව්‍යා ප්තව ඇති දිස්ත්‍රික්කයන්හි මූලික ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීම ද, රුධිර කාන්දුකරණ ඒකක ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම ද සුරක්ෂිත පානීය ජල ව්‍යාපෘති ස්ථාපිත කිරීම මෙන්ම කෘෂි සහ කෘමිනාශක භාවිතය අවම කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
එසේම අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කයන් තුළ වෙසෙන රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා ගත හැකි අයුරින් පොළොන්නරුව මහ රෝහල තුළ වකුගඩු පරර දතිකාර මධස්ස්ථාන පිහිටුවා ඇත.
පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන්හි ජල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
සොබාදහමේ විපත් මෙන්ම රෝ දුක් පැවතිය ද ඒවා නිශ්චිතව ජයගත හැකි මගක් අපට නැත. එහෙත් රෝගී සමාජයක් නිරෝගී කිරීම සඳහා අධිෂ්ඨානශීලීව ක්‍රියා කිරීම අපට අසීරු නැත. ඒ සඳහා අවබෝධයෙන්, එක්සත්ව හා එකමුතුව ක්‍රියා කිරීමට අප කැපවිය යුතුය.“