සෑම වසරකම මාර්තු මස 06 සිට 12 දක්වා ක‍්‍රියාත්මක ලෝක ග්ලෝකොමා සතිය වෙනුවෙන් විශේෂ මාධ්‍ය සම්මන්ත‍්‍රණයක් අද (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්විනි.
මෙවර ලෝක ග්ලෝකොමා සතියේ තේමාව වන්නේ “අදෘශමාන ග්ලුකෝමාව පරදවමු” යන්නයි.
මෙහිදී මාධ්‍ය සම්මන්ත‍්‍රණය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා -
“සෑම වසරකම මාර්තු මස 06 සිට 12 දක්වා ග්ලෝකොමා සතිය ක‍්‍රියාත්මකයි. මෙවර තේමාව වන්නේ “අදෘශමාන ග්ලෝකොමාව පරදවමු” යන්නයි.
අන්ධභාවයට බලපාන දෙවන ප‍්‍රධාන හේතුව වන ග්ලෝකොමාවෙන් ලෝක වාසීන් මිලියන 4.5 ක් පීඩාවට පත්ව සිටින අතර ලෝක ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට පත්ව තිබෙන බවත් විවිධ අක්ෂි රෝගවලට ලක්ව ඇති සංඛ්‍යාව මිලියන 246 ක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ශ‍්‍රී ලංකාවේ අක්ෂි රෝග පිළිබඳ සමීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කර එහි ප‍්‍රතිඵල ඇතුළත් වාර්තාව පසුගියදා නිකුත් කළා. එම වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ අන්ධභාවයට පත් ව ඇති සංඛ්‍යාව සියයට 1.7 ක්. විවිධ අක්ෂි ආබාධවලට ගොදුරුව ඇති සංඛ්‍යාව සියයට 17 ක් වේ.
වඩාත් හොඳ අක්ෂි සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර දෙකටට වරක් වත් අක්ෂි පරීක්ෂා කළ යුතුයි. අවුරුදු 60 ට වැඩි පිරිස් වසරකට එක් වරක් වත් අක්ෂි පරීක්ෂා කර ගත යුතුයි. දෙමාපියන්, සහෝදරයන්, ග්ලෝකොමාට ගොදුරුවී ඇත්නම් දරුවන්ට ද ග්ලුකොමාව වැළදීෙමි අවධානමක් පවතිනවා. අක්ෂි සේවාව පුළුල් කිරීමේ අරමුණින් පශ්චාත් උපාධි ආයතනය සමග ඒකාබද්ධව අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වැඩි වශයෙන් පුහුණූ කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මකයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.
මෙවර ග්ලෝකොමා සතිය වෙනුවෙන් ලබන 11 වන සිකුරාදා පෙරවරු 8.30 සිට ජාතික අක්ෂි රෝහලේ දී අක්ෂි සායනයක් පැවැත්වේ.
ඉන් පසු අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එය කොළඹ කොළඹ ජාතික අක්ෂි රෝහලේ සිට විහාරමහාදේවි උද්‍යානය දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රචාර) විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීපා සිරිවර්ධන මහත්මිය, ග්ලෝකොමා ජාතික වැඩසටහනේ සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.