මතුව තිබූ තත්ත්වය මත පාසල් කිහිපයකින් දරුවා භාරගැනීම සඳහා එකඟතාව පළකොට තිබූ අතර, මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය දරුවාගේ නිල ඇඳුම්, පොත් පත්, ක‍්‍රීඩා උපකරණ ආදී සියල්ල ඇතුළත් ව ඔහුගේ අධ්‍යාපනය සඳහා මූල්‍ය දායකත්වය දැරීමට එකඟ බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව එම ඉල්ලීම ද සලකා බලමින් අදාළ දරුවා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාශයේ ද අනුමැතිය නිල වශයෙන් ලබාදීම අද සිදු වී ඇත.
මේ සම්බන්ධයෙන් වන එකඟතා ප‍්‍රකාශයකට අද (09) උදෑසන අත්සන් කරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් එහි විදුහල්පති ඇන්ඩෲ ෆොලර් වොට් මහතා විසිනුයි.
ඒ අනුව, දරුවාගේ සහ මවගේ කැමැත්ත මත දරුවා පාසලට ඇතුළත් කරගැනීම සහ ඉදිරි කටයුතු සිදුකිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ත‍්‍රිත්ව විද්‍යාලය හරහා සිදුකෙරෙනු ඇත.
මීට අමතරව දරුවාගේ මෙන්ම මවගේ සුබ සාධනය වෙනුවෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජය මැදිහත්ව ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මෙම කටයුත්තට කොළඹ රදගුරු ඩිලෝ කනගසබේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක් සිටියහ.