නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ විරෝධී ක්‍රියා සමාජයෙන් තුරන් කිරීමට පියවර

    මාර්තු 09, 2016

    දේශපාලන රැකවරණ නැත්නම් සමාජ විරෝධී ක්‍රියා සමාජයෙන් තුරන් කළ හැකි බවත්, වත්මන් පාලනය යටතේ එවැනි ක්‍රියා සඳහා කිසිදු සමාවක් නොමැති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  කුඩු ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් වැනි සමාජ විරෝධී ක්‍රියා මුළුමනින්ම අවසන් කිරීමට වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ වන විට සියලු පියවර ගෙන ඇති බවයි.

    කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාභූමියේ ඉදි කෙරන බහුවිධ සමාජ සුබ සාධන මධ්‍යස්ථානයට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    රුපියල් මිලියන 250ක වියදමෙන් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානය කොළඹ මහ නගර සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

    ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 150ක් මුදල් අමාත්‍යාංශයෙන් ලබා දෙන අතර කොළඹ මහ නගර සභාව ඉතිරි රුපියල් මිලියන 100 ලබා දෙනු ඇත.

    ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, අක්ෂි පරීක්ෂණ මධ්‍යස්ථානයක්, විශේෂඥ වෛද්‍ය සේවා, දන්ත මධ්‍යස්ථානයක්, වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක්, පුස්තකාල, තොරතුරු තාක්ෂණ පහසුකම්, ආපනශාලා, ක්‍රීඩාංගනයක්, පාලන කාර්යාලයකින් ද මෙම බහුවිධ සමාජ සුබසාධන මධ්‍යස්ථානය සමන්විත වේ. එළඹෙන දෙසැම්බර් මාසයේ දී මෙම මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.

    අසීරු ගමනක් යාමට රජයට සිදු වුවත් එම බර ජනතාව වෙත පැටවීමට සූදානම් නැති බවත් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා හොයන්න බැරි විදියට රුපියල් කෝටි 178,000ක් මේ විදියට වැය කර තියෙන බව සෙයාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ බර සමඟ මේ සංවර්ධන ගමනය යා යන අතර මේ වන විට පාතාලය හිස එමවීමට පටන් ගෙන තිබෙන බවත් එය ද සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

    පාතාලය මර්දනය කිරීමට අවශ්‍ය වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවරයා පොලීසියට භාර දී තිබෙන බවත් දේශාපාලන රැකවරණය නැත්නම් මේ වගේ දේවල්වලට හිස එසවීමට නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    “අද ලෝක ආර්ථිකය කඩාවැටිලා තියෙන්නෙ. චීනය පළමු වතාවට තමන්ගෙ මුදල අවප්‍රමාණය වෙන්න ඉඩ දීල තියෙනවා. ඉන්දියාව තමන්ගෙ මුදල 15%කින් අවප්‍රමාණය කරල තියෙනවා. ඒ දැවැන්ත රටවල් දෙකේ ආර්ථිකය කඩා වැටුණ කියල අපි ඒ බර අපේ ජනතාව මත තියන්නෙ නෑ. රුපියල් කෝටි 178000ක ණය ගෙවන්න තියෙන්නෙ ජනතාවටයි. ශ්‍රී ලන්කන් ආයතනයේ පාඩුව රුපියල් කෝටි 21,800යි, තෙල් සංස්ථාවෙ පාඩුව රුපියල් කෝටි 35,800යි, වරායෙ පාඩුව රුපියල් කෝටි 28,800යි මේව තමයි මේ පාඩුවට ප්‍රධාන දායකත්වය දක්වල තියෙන්නෙ. මේ නිසා සංවර්ධනයට විශාල බාධාවක් ඇති කරල තියෙනවා. නමුත් අපි සංවර්ධනය නවත්වන්නෙ නෑ. ඉක්මණින් ම මේ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න අපි පොරොන්දු වෙනවා.“ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල්, නාගරික මන්ත්‍රීවරුන් වන රෝයි බෝගහවත්ත, චමින්ද අලුත්ගෙදර, මහේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya