නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වහාම මෙරට වකුගඩු රෝගීන්ගේ වාර්තාවක් ලබා දෙන්න- ජනපති Featured

    මාර්තු 08, 2016

    වසරකට ලංකාවෙන් වකුගඩු රෝගින් පන්දහසක් පමණ වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

    කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා විස රසායනික ද්‍රව්‍ය යෙදවීම, දියවැඩියා සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ප‍්‍රධාන වශයෙන් මීට ඉවහල් වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.

    අදාළ වාර්තාව ජර්මනිය ඇතුළු වකුගඩු රෝගය පාලනය සඳහා ශී‍්‍ර ලංකාවට සහාය ලබාදීමට ඉදිරිපත්වූ රටවලට කඩිනමින් ඉදිරිපත් කර එම රටවල සහාය ඇතිව අදාළ ව්‍යාපෘති හැකි ඉක්මණින් රට තුළ කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම අද (07) පස්වරුවේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ඒ ඒ ආයතනවල කි‍්‍රයාකාරිත්වය සහ කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

    දස වසරක ජාතික සෞඛ්‍ය සැලසුමට අදාළ දළ කෙටුම්පත ද මෙහිදි ඉදිරිපත් කෙරුණු අතර මහජනතාවගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලු අංශවල අදහස් විමසීමෙන් අනතුරුව එය කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

    අද ජනතාවගේ ආහාර වේලට විස රසායනික ද්‍රව්‍ය එක්වීම බොහෝ රෝගවලට ප‍්‍රධාන හේතුව වී ඇති අතර ඒ පිළිබඳ ගත හැකි පියවර පිළිබද මෙහිදී අවධානය යොමු විය.

    ආහාර ද්‍රව්‍යවලට යොදන රසකාරකයක් වන ඵීඨ රසකාරකය තහනම් කිරීමට ඉදිරියේදී කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    ආහාරවලට යොදන සීනි ප‍්‍රමාණය අඩු කිරීමට ද රජය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතර ආපනශාලාවදී තේ කෝප්පයට සීනි එක් නොකර අවශ්‍ය පරිදි යොදා ගැනීමට සීනි පැකට්ටුවක් ලබාදීම වැනි වැඩසටහන් මීට පෙර කි‍්‍රයාත්මක වූ අතර එහි වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා කරුණු විමසීය.

    ඒඩ්ස් රෝගය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් කි‍්‍රයාත්මක වැඩසටහන්වල වත්මන් තත්ත්වය පිළිබඳව ද විමසා බැලිණි.

    මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් අමාත්‍යාංශය හරහා කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රගතියද විමසූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ අද උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි. මත්ද්‍රව්‍ය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ම`ගින් කි‍්‍රයාත්මක වැඩසටහන්වල දී එම පළාත සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ඖෂධ නිෂ්පාදන සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් විය. ඩෙංගු රෝගය ව්‍යාප්තිය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වූ අතර කීට විද්‍යාඥයින්ගේ සහාය වෙනුවෙන් දහසකින් සමන්විත නිත්‍ය බලකායක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවත්, එය කඩිනම් කර දෙන ලෙසත් නිළධාරිහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු වූ අතර ලංකාවේ අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය මේ වන විට සියයට 21 සිට සියයට 15.5 දක්වා පහළ බැස ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේය. නමුත් මේ වන විට පාසල් දරුවන් අතර අධි පෝෂණ තත්ත්වය ඉහළ යමින් තිබෙන අතර වැරදි ආහාර භාවිතය ඊට හේතු වී ඇති බව ද අනාවරණය කෙරිණි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩබලන අමාත්‍ය මොහොමඩ් කාසීම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලු ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya