“ සවිබල කතක් තිරසාර හෙටක්“ මෙවර කාන්තා දිනයේ තේමාවයි.
කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර ජාතික උත්සවය සඳහා කාන්තාවන් 3000ක් පමණ සහභාගි වීමට නියමිත බව ද අමාත්‍යව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.
කාන්තා දිනය වෙනුවෙන් කාන්තා සෞඛ්‍ය සායන, කාන්තා නිෂ්පාදන සහිත ප්‍රදර්ශන කුටි 100ක් සහිත පොළක් යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.