නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරයාගෙන් මහාශිව රාත්‍රී දිනයට සුභාශිංසන Featured

    මාර්තු 07, 2016

    දේවත්වයෙහි මනුෂ්‍යයා විසින් පවත්වන වත්පිළිවෙත් කෙරෙන ප්‍රකට වනුයේ මිනිසා මුළුමහත් විශ්වයේම යහපත සහ මිනිසාගේ යහපත් ක්‍රියාවන් කෙරෙහි දක්වන අසීමිත බැතිමතභාවය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

    ලොව පුරා හින්දු බැතිමතුන් ශීව දෙවියන්ට සුවිශේෂ භක්තිය සඳහා සෑම වර්ෂයක් පාසාම නවම් මාසයේ අමාවක එළැඹෙන දිනයේ (07) පවත්වනු ලබන මහා ශිව රාත්‍රී උළෙල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

    මෙම පූජනීය දිනයේ දී හින්දු බැතිමත්හු ශාන්තිය සහ සැනසීම අපේක්ෂා කරන අතර ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් සහ පිළිවෙත්හි දැවටී පවත්නේ ද අන්‍යෝනය ලෙසින් එකිනෙකා වෙත ප්‍රාර්ථනය කරන්නා වූ සහජීවනය බව ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ‍වේ.

    ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය මෙසේය-

    "පණිවුඩය

    දේවත්වය විෂයෙහි මනුෂ්‍යයා විසින් පවත්වන වත්පිළිවෙත් කෙරෙන් ප්‍රකට වනුයේ මිනිසා මුළුමහත් විශ්වයේම යහපත සහ මිනිසාගේ යහපත් ක්‍රියාවන් කෙරෙහි දක්වන අසීමිත බැතිමත් බව ය.

    ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් ස්වකීය ආධ්‍යාත්මික ශික්ෂණය ඇති කර ගැනීමට මෙන්ම ලෞකික ජීවන පැවැත්ම වඩාත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම පිණිස පවත්වනු ලබන මහා ශිව රාත්‍රී දිනය කෙරෙනා වහනය වනුයේ ද මිනිසා යහපත කෙරෙහි දක්වන පූජනීය බැඳීම ය.

    මෙම පූජනීය දිනයේ දී හින්දු බැතිමත්හු ශාන්තිය සහ සැනසීම අපේක්ෂා කරන අතර ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් සහ පිළිවෙත්හි දැවටී පවත්නේ ද අන්‍යෝනය ලෙසින් එකිනෙකා වෙත ප්‍රාර්ථනය කරන්නා වූ සහජීවනය යි.

    දුරාතීතයේ සිට මිනිස් සිත් සතන්හි පිළිසිඳගෙන අඛණ්ඩව පැවන එන මෙබඳු චාරිත්‍ර හැමවිටම පෙනී සිටින්නේ මිනිසාගේ සාමකාමී සහ අවිහිංසාවාදී පැවැත්ම උදෙසා ය.

    මිනිසා සහ දෙවියන් එකම මංසලකදී මුණගැසෙන මෙවන් වන්දනාවන් සමස්ත මානව සංහතියේම යහපැවැත්ම අගයන සැමගේ ගෞරවයට සහ පිළිගැනීමට ලක් විය යුත්තේ ඒ කෙරෙන් සමාජයට සාධනීය පණිවුඩයක් පරයන බල ලෙස පරීම වේශ වන බැවිනි.

    මහා ශිව රාත්‍රී දිනය එහි සැබෑ අරුතින් සමරන සියලු හින්දු බැතිමතුන්ට මාගේ සුබපැතුම් පිරිනමමි.

    මෛත්‍රීපාල සිරිසේන
    2016 මාර්තු මස 04 වන දින"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya