නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයාගෙන් මහා ශිව රාත්‍රී දිනයට සුභාශිංසන Featured

    මාර්තු 07, 2016

    වාර්ගික, ආගමික භේද වපුරමින් අප රට අඳුරෙහි හෙළන්නට විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක, මනුෂ්‍යත්වය ගොඩනැංවීමේ වැදගත්කම අවබෝධ කරගන්නටත්, ඒ සඳහා කැපවන්නටත් මහා ශිව රාත්‍රී දිනය අවස්ථාවක් කරගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිව රාත්‍රී දිනයට සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරන් සඳහන් කරයි.


    එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන වේ.

    "ලොව පුරා හින්දු බැතිමතුන් නවම් මස අමාවක දින එළඹෙන මහා ශිව රාත්‍රී දිනය මහත් උත්සවාකාරයෙන් සමරනු ලබයි. මෙම රාත්‍රිය ශිව දෙවියන්ගේ ප්‍රියතම රාත්‍රිය ලෙස ද සැලකේ.  
    මෙදින තම අධ්‍යාත්මික ජීවිතය ආලෝකමත් කර ගැනීමේ අරමුණින් හින්දු බැතිමත්හු රැය පුරා නිදිවර්ජිතව උපවාසයේ යෙදෙන අතර, පුණ්‍ය කටයුතුවලද නියැළෙති. දැල්වෙන පහනින් රැය ඒකාලෝක වන්නා සේම මෝහාන්ධකාරය දුරු වී ජීවිතාවබෝධය පහළ වේවායි ප්‍රාර්ථනය කරති. ශිව රාත්‍රීය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.
    නිදහස, සංහිඳීම, සමානාත්මතාව දිනා ගනු සඳහා මහත් කැපවීමක්, ඉවසීමක්, ධෛර්යයක්, මානව ප්‍රේමයක් අවශ්‍ය බවට විවාදයක් නැත. වාර්ගික, ආගමික භේද වපුරමින් අප රට අඳුරෙහි හෙළන්නට විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක, මනුෂ්‍යත්වය ගොඩනැංවීමේ වැදගත්කම අවබෝධ කරගන්නටත්, ඒ සඳහා කැපවන්නටත් මහා ශිව රාත්‍රී දිනය අවස්ථාවක් කරගනිමු.
    සහෝදර හින්දු ජනතාවටත්, සමස්ත ලක්වැසි ජනතාවටත් අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවා.


    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya