නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වස විස නැති රටක්” කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ Featured

    මාර්තු 06, 2016

    මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය කි‍්‍රයාවට නංවමින් කි‍්‍රයාත්මක “වස විස නැති රටක්” වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) විවෘත කෙරිණි.

    කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී ආරම්භ කෙරුණු ප‍්‍රදර්ශනය අද, හෙට සහ අනිද්දා පෙ.ව 10.00 සිට රාති‍්‍ර 09.00 දක්වා මහජනතාවට විවෘතය.

     

    අද ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප‍්‍රදර්ශනය නැරඹීමටද එක් විය.

     

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක, දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ශී‍්‍ර ලංකාව වස විස වලින් තොර හරිත දිවයිනක් බවට පත් කර සැමට වස විස නැති ආහාර සැපයීම සඳහා වූ රජයේ ප‍්‍රතිපත්තිය මත පදනම්ව වස විස නැති රටක් තුන් අවුරුදු ජාතික සැලැස්ම ඉදිරිපත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya