2016 වසරේ ලෝක ශ්‍රවණ දිනයේ මෙවර තේමාව ‘Childhood hearing loss: act now, here is how!’ යන්නයි.
ලෝක ශ්‍රවණ දිනයට සමගාමීව මහජනතාවට ඔවුන්ගේ ශ්‍රණ මට්ටම පිරික්සීමට කෙරෙන සරළ පරීක්ෂණයකට හා ශ්‍රවණ තත්ත්වය දියුණු කිරීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (03) කොළඹ ජාතික රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා උගුර,කණ, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන් වන සමන් යසවර්ධන, චන්ද්‍රා ජයසූරිය සහ ශාන්ත පෙරේරා යන මහත්ම මහත්මීහූ සහභාගී වීමට නියමිතය.
ලෝක ජනගහනයෙන් මිලියන 360ක් කණ නොඇසෙන පිරිස බව ලෝක සෞඛ්‍ය සංවිධනයේ වාර්තා පෙන්වා දෙයි.එය ලෝක ජනගහනයෙන් සියයට 5.3%කි. මිලියන 32ක් දරුවන් ශ්‍රවණාබාධයන්ට ගොඳුරු වී සිටින අතර එය ජනගහනයෙන් සියයට 9%කි. වයස අවුරුදු 25-30 අතර තරුණ පිරිස් ශ්‍රවණ ආබාධවලට ගොදුරු වන්නේ,අධික ශබ්ද ශ්‍රවණය කිරීම නිසා බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.