රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.
‘සවිබල කතක්- තිරසාර හෙටක්‘ තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරීම සිදු වන බවත් මෙම ජාතික උත්සවය සඳහා කාන්තාවන් 3000ක් පමණ සහභාගි වීමට නියමිත බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
කාන්තා දිනය වෙනුවෙන් කාන්තා සෞඛ්‍ය සායන, කාන්තා නිෂ්පාදන සහිත ප්‍රදර්ශන කුටි 100ක් සහිත පොළක් යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.