අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ නිවැරැදි ආර්ථික දැක්ම හමුවේ මෙම අභියෝගයට මුහුණ දීමට
ශ්‍රී ලංකාවට හැකිව ඇති බවයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග ගිවිසුමකට එළඹීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවැසීය. ඊයේ (23) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී මෙම ගිවිසුම අත්සන් තැබීම සිදු විය.
ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි සභාපති ටකෙහිකෝ නකාඕ (Takehiko Nakao) මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාය.
මෙම ගිවිසුමට අමතරව මේ සඳහා සම්බන්ධ ව්‍යාපෘති ගිවිසුම් 10ක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ සහභාගීත්ව මූල්‍ය ආයතන 10ක් අතර අත්සන් තැබිණි.
මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, DFCC බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව හා සෙලාන් බැංකුව යන මූල්‍ය ආයතන සමග ආසියානු සංවර්ධන බැංකුව මෙසේ ගිවිසුම්වලට එළඹිණි.
මෙම ගිවිසුම් සඳහා අත්සන් තබන ලද්දේ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය සහ ඒ ඒ බැංකු වෙනුවෙන් එම බැංකුව විසින් බලය පවරණ ලද නිලධාරින් විසිනි.
මෙම ණය මුදලට අමතරව ශ්‍රී ලංකාවේ අනාගත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීමට අපනයනය මූලික කර ගත් කණ්ඩායම් සංවර්ධනය වෙනුවෙන්, දිළිදුකම පිටුදැකීමේ ජපන් ආධාර යටතේ ඇ.ඩො. මිලියන 2ක වටිනාකමකින් යුතු තාක්ෂණික ආධාර ලබාදීමට ද ටකෙහිකෝ නකාඕ මැතිතුමා එකඟතාවය පළකරන ලදී.
ආසියානු සංර්ධන බැංකුව මෙරට ග්‍රාමීය ආර්ථික නගා සිටුවීම වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වා තිබෙන බවත් මේ එහි තවත් අදියරක් ලෙස දකින අතර මෙමගින් ඉතා ම අඩු පොළියට ග්‍රාමීය ජනතාව වෙත ණය පහසුකම් ලබාදීමේ හැකියාව මෙරට බැංකුවලට ලැබෙන බවත් අමාත්‍යරයා පෙන්වා දුන්නේය.
නිවැරැදි ආර්ථික දැක්මක් ඇති ආණ්ඩුවක් බලයට පත්වීමෙන් ජනතාවට අති විශාල ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙන බවත් ආධාර වෙනුවට ආයෝජන, ණය වෙනුවට තැන්පතු ලබා ගත හැකි ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.