ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වෘත්තීය සංගමය සහ විවිධ සංගම් විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලබන මාර්තු මස 28 දින දක්වා දීර්ඝ කර ඇති බවත් වයස් සීමාවේ ද සංශෝධනයක් ඇති වී තිබෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 ජනවාරි මස 01 දින සිට පෙබරවාරි 01 දින දක්වා අයදුම්පත් බාරගැනීමට කටයුතු කර තිබූන ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.
එමෙන්ම, මීට පෙර ව්‍යවස්ථාවන්ට අනුව අධ්‍යාපන පරිපාලන සේවා විභාග සඳහා පෙනී සිටි අවස්ථා සලකා නොබලන අතර නව සේවා ව්‍යවස්ථාවට අනුව සීමිත තරඟ විභාග සඳහා තුන් වතාවක් ද විවෘත තරඟ විභාග සඳහා අවස්ථා දෙකක් ද විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇත.
ඒ අනුව විවෘත තරග විභාගය සඳහා වයස් ප‍්‍රමාණය අවුරුදු 30 සිට 32 දක්වා ඉහළ දමා ඇති අතර සීමිත තරග විභාගය සඳහා වයස් සීමාව අවුරුදු 50 සිට 52 දක්වා ඉහළ දමා තිබේ.
ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත බඳවා ගැනීමේ වයස් සිමාව ද අවුරුදු 55 සිට 58 දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව මෑතකදී විශ්ව විද්‍යාල වලින් උපාධි ලබාගත් තරුණ පිරිස්වලට ද, ගුරු සේවාවේ විශාල පිරිසකට ද, විදුහල්පති සේවාවේ 1 ශ්‍රේණියේ වයස අවුරුදු 58 දක්වා වන වැඩි පිරිසකට ද විභාගයට පෙනී සිටීමේ අවස්ථාවන් හිමිවි තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් මෙම අවස්ථාව පිළිබඳව ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වෘත්තීය සංගමය ඇතුලු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සංගම් රැසක් ඔවුන්ගේ ස්තුතිය පළ කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත දන්වා ඇත.
මෙම දීර්ඝ කිරීම පිළිබඳව මේ වන විටද රජයේ ගැසට් පත‍්‍රයට සහ පුවත්පත් මගින් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි