ආරකෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත පැමිණිමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජේනරාල් ලසන්ත වික්‍රමසූරිය සහ අධ්‍යක්ෂක ජේනරාල්වරුන් විසින් සුහදව පිළි ගත්තේය.
මෙහිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංවිධාන ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිළිබඳව ආරකෂක ලේකම්වරයා දැනුවත් කළ අතර අනතුරුව මෙම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් ඇමතිම ද ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කරන ලදී.