රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර එම යෝජනාව සම්බන්ධ ද පාර්ලිමේන්තු ඡන්ද විමසීම හෙට පස්වරු 6.30ට පැවත්වෙන බව ද පැවසීය.
මෙය නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සකස් කිරීමේ කරුණු පිළිබඳ යෝජනාවක් පමණක් වන අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය පිළිබඳව පසුව විවෘත්තව සාකච්ඡා කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ සඳහා මුලින් ඉදිරිපත් කළ යෝජනාවේ සංශෝධන ඇතුළත් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනා සියල්ල එයට ඇතුළත් කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.