දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන Takehiko Nakao මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී පිළිගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
සභාපතිවරයා හෙට දින ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර ඇති කර ගන්නා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත ය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා වූ ව්‍යාපෘති කිහිපයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර මෙසේ ගිවිසුම්වලට එළඹෙනු ඇත.
එම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අත්සන් තබන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.