අමාත්‍යවරයා පසුගියදා සාම්පූර් බලාගාර පරිශයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සංවිධානය කර තිබූ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා විසින් බලාගාරය ඉදිකිරීම සඳහා යෝජිත භූමියත්, ඒ සඳහා වන පිවිසුම් මාර්ගයත්, බලාගාරයේ දත්ත ඇතුළත් සැලසුමත් පරීක්ෂා කළ අතර ව්‍යාපෘතිය සම්බන්ධ නිලධාරීන් සමඟ සාකච්ඡාවක්ද පැවැත් විය. අනතුරුව ප‍්‍රදේශවාසීන් සමඟද සුහද කතාබහක යෙදුන අමාත්‍ය සියඹලාපිටිය මහතා, විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා නිරන්තරයෙන් උත්සාහ දරන්නේ, විදුලි පාරිභෝගිකයාට අවම මිලක්, අවම පරිසර හානියක් යටතේ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලිබල සැපයුමක් ලබාදීමට බව පැවසීය. එසේම ජාතික සත්කාරයක් ලෙස සිදුකෙරෙන මෙම බලාගාර ඉදිකිරීම් වලදී, ඒ සඳහා ජනතාවගේ සහයෝගයද උපරිමයෙන් අපේක්ෂා කරන බව පැවසීය.
අක්කර 500 ක භූමි ප‍්‍රමාණයක් යොදාගනිමින් ඉදිකෙරෙන සාම්පූර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 600 ක් පමණ වියදම් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. විදුලි බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන පරිසර සංවිධාන මෙන්ම ප‍්‍රදේශවාසීන් ආදි සියලු පාර්ශවයන්ගේ අවසරය, අනුමැතිය සහ සහයෝගය ලබාගනිමින්, බලාගාරය ඉදිකිරීම සහා අවශ්‍ය ගිවිසුම් සහ නීතිමය කටයුතු නිමවා ඇති බවත්, බලාගාරය සඳහාවන පරිසර අනුමැතියද මේ වසරේ පෙබරවාරි 02 දින හිමිවූ බැවින්, අනාගතයේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට ස්ථිරසාර පිළියමක් වශයෙන්, ඉදිරි මාස කිහිපය තුළදී සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරයේ පළමු සහ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු අරඹන බවත් අමාත්‍යවරයා පැවසීය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් සහ විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූහ.