ඒ මහතා මෙම අදහස් පල කළේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එවැනි චෝදනා ගෙන ඒම මෙරට ජනතාව හිතාමතා මුලා කිරීමට ගන්නා පහත් උත්සාහයක් බවත් මැක්ස්වෙල් පරණගම කොමිසම හා උදලාගම කොමිසම මඟින් මීට පෙරද මෙරටට විදේශීය විනිසුරුවන් කැඳවා තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
"ජනාධිපතිතුමා ජිනීවාවල දී ප්‍රකාශ කළ ලෙස මෙම පරීක්ෂණය දේශීය විනිසුරුවන් සමඟ දේශීය යාන්ත්‍රණයකින් මඟින් පවත්වනවා. එහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකට විදේශීය විනිසුරුවන්ට සහභාගී කරවිය හැකියි. ඔවුන්ට මෙය සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. නමුත් ඔවුන්ගේ සහය පතන්නේ යම් උපදෙස් ගැනීමක් අවශ්‍ය නම් පමණයි. ජනාධිපතිතුමන් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ පරිදි එම පරීක්ෂණ කටයුතු සම්පූර්ණ දේශීය යාන්ත්‍රණයකින් සිදුවන බව පැහැදිලියි“ යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජය යටතේ අද වන විට මෙම ප්‍රශ්නය අපේ රටේ ජනතාවට ගැටලුවක් නොවන අයුරින් විසඳා ගැනීමට හැකි වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සහ හිටපු අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා ද සහභාගී වූහ.