සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සෘජු අධික්ෂණය යටතේ ක‍්‍රීයාත්මක තෙදින ඩෙංගු මර්ධන වැඩසටහන පසුගිය 11 වැනි දා සිට 13 වැනි දා දක්වා පැවැත්වීණි.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන, ශ‍්‍රී ලංකා පොලීසිය, ත‍්‍රීවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව මේ වනවිට ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වී ඇති බස්නාහිර පළාත සහ ඩෙංගු අධිඅවධානම් දිස්ත‍්‍රික්ක 07 ක් වන කෑගල්ල, යාපනය, වවුනියාව, පුත්තලම, මඩකළපුව, කුරුණෑගල, අම්පාර කේන්ද්‍ර කොට ගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මකය.
මෙහිදි බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල පමණක් පරිශ‍්‍ර 68,922 ක් පරික්ෂා කර ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන 912 ක් ද, පරිශ‍්‍ර 7649 ක් නිවැරදි කිරීමටත්, 2,958 කට නොතිසී නිකුත් කිරීමටත්, 481 කට නඩු පැවැරීමටත් කටයුතු කර තිබේ.
විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ගනිමින් මෙම වැඩසටහන අකුරටම ක‍්‍රීයාත්මක කිරීමට නියමිතයි. එමෙන්ම අපේ‍්‍රල් සහ මැයි මාස වලදී ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලීම හේතුවෙන් ජාතික ඩෙංගු මර්ධන සතියක් මාර්තු මස 29 සිට ක‍්‍රියාත්මක කිරීමට ද නියමිතය. මුළු දිවයිනම ආවරණය වන පරිදි මදුරු මර්දන වැඩසටහන් මේ යටතේ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.