නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල ගුණාත්මක බව ඇගයීමට ස්වාධීන මණ්ඩලයක්

    පෙබරවාරි 16, 2016

    සියලුම පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඇගයීම සදහා ස්වාධීන මණ්ඩලයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදන  බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ඒ අපේ ගම පරිශ්‍රයේ දී අද (15) පෙරවරුවේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ කළමණාකර‍ණ හා ප්‍රමිති ශාඛාව මගින් වාර්ෂිකව සිදුකරනු ලබන විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

     

    ගුණාත්මකබව යනු ක්‍රියාකාරකමක් නොව පුරුද්දක් යන ඇරිස්ටෝටල් පඩිවරයාගේ ප්‍රකාශයක් උපුටා දැක්වූ අමාත්‍යවරයා පාසල් පද්ධතිය තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කර ගුණාත්මකබව ඇගයීමේ ස්වාධීන මණ්ඩලයක් ස්ථාපිත කිරීමට අමතරව දේශීය හා විදේශීය ගුරු පුහුණුව ලබාදීමටත් විදුහල්පති හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු හා ඒ ඒ විෂයයන් අනුව ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත් විෂය මාලා නවීකරණය හා නව විෂයමාලා හඳුන්වාදීමටත් රජය ප්‍රමුඛතාවය ලබාදී ඇති බව පැවසීය.

     

    අධ්‍යාපන සැලසුම්කරණයට භාවිතා කිරීම සඳහා පාසල්වල හා සිසුන්ගේ දත්ත හා තොරතුරු පරිගණක ගතකර සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සියලුම ආයතන සමග හුවමාරු කරගැනීම සඳහා ජාලගත කිරීමට  කටයුතු යොදන බව අමාත්‍යවරයා වැඩිදුරටත්  අවධාරණය කළේ ය.

     

    කළමනාකර‍ණ හා ප්‍රමිති ශාඛාව මගින් 2015 වර්ෂයේ සිදු කරන ලද පාසල් ඇගයීම සම්බන්ධ ප්‍රගතිය සාකච්ඡා කිරීම සහ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව පිළිබඳ වාර්ෂික වාර්තාව පළාත් හා කලාප මට්ටමේ නිලධාරීන් වෙත බෙදා දීමත් කළමනාකර‍ණ හා ප්‍රමිති ශාඛාව මගින් වාර්ෂිකව සිදුකරනු ලබන විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ 2015 වර්ෂයේ තෝරාගත් පාසල් සඳහා සම්මාන හා සහතිකපත්‍ර පිරිනැමීම මෙම උත්සවයේ දී සිදු වුණි.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අමාත්‍යාංශ නිලධාරීන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya