අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය 49 වැනි සංවත්සර සමරුව නිමිත්තෙන් විද්‍යාල පරිශ‍්‍රයේ ඊයේ (10) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
අනාගතයට ගැළපෙන ලෙස දැනුම පාදක සමාජයක් තුළ රැකියාභිමුඛ අධ්‍යාපනයක් ගොඩනැගීම රජයේ අරමුණයි. ඒ සඳහා වසර 50ක් 60ක් ඉදිරි අනාගතය දකිමින් ඊට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව වෙනස් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව පියවර ගෙන ඇති බවත්, එම විෂය මාලා සංශෝධන පිළිබඳ කරුණු ද නව අධ්‍යාපන පනතට එක්කරන බවත් මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ, අයි. එම්. ආර්. ඊරියගොල්ල මැතිතුමන් විසින් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට පැවති තදබදයට විසඳුමක් ලෙස ගොඩනැගූ ඩී. එස්. සේනානායක විද්‍යාලය රටට විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ බුද්ධිමතුන් රැසක් බිහි කර ඇති පාසලකි.
එම විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා වූ ආර්. අයි. ටී. අලස් මහතා විද්‍යාලය නගා සිටුවීම වෙනුවෙන් කරන ලද කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමින් වර්තමානය තෙක් මෙම විද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් උරදුන් සියලු ආදි කර්තෘවරුන්ට ද මෙම අවස්ථාවේ දී අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කරනු ලැබීය.
මෙම අවස්ථාවට විද්‍යාලයේ ආදී විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සහ ආදි සිසුන් රැසක් ද සහභාගී වී සිටියහ.