නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති නිල නිවසේදී නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජයන්ත ජයසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකි.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ ජයන්ත ජයසූරිය මහතාගේ පවුලේ සාමාජිකයන් ද එක්විය.