රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට ජනගහනයෙන් 53%ක් වන කාන්තාවන්ට ප්‍රාදේශීය දේශපාලනය, ප්‍රාදේශීය පරිපාලනය වැඩි වශයෙන් නියෝජනය කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම පනත ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ මේ වන විට කාන්තා මූලික පවුල් ලක්ෂ 12ක් පමණ ඇති අතර වැන්දඹු පවුල් ලක්ෂ පහ හමාරක් පමණ වේ.
මෙවැනි කාන්තා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට කාන්තා නියෝජිතවරියන් මැතිවරණ වෙත ඉදිරිපත් කොට අඩුම වශයෙන් 25%ක් වත් කාන්තා නියෝජනයක් වත් තිබිය යුතුය යන පදනම තුළ මෙම පනත ඉදිරිපත් කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාන්තාවන්ට ඉදිරියට යාමට තිබෙන අවස්ථාවන් ඇහිරීමට රජය ඉඩ නොතබන බවයි.
මෙරට කාන්තා නායිකාවන් බිහි වන්නේ දිවංගත සැමියා, පියා හෝ සහෝදරයෙක් යන පුරුෂ නායකත්වයක් වූ පසුබිමක් තුළය. එයට හේතුව වන්නේ දැනට පවතින කාන්තාවන්ට නොගැළපෙන මැතිවරණ සංස්කෘතිය ඔස්සේ තරගකොට ජයග්‍රහණය කිරීමට කානතාවන්ට ඇති අපහසුව වීම බව පෙන්වා දුන් ඒ මහතා මේ පිළිබඳව දීර්ඝ කාලයක් පර්යේෂණ සිදු කරමින් සාකච්ඡා කොට අවසාන වශයෙන් කාන්තාවන්ට විශේෂ නියෝජනයක් තහවුරු කිරීම යෝජනා වූ බව ද සඳහන් කළේය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ දී 25%ක විශේෂ කාන්තා නියෝජනයක් බිම් මට්ටමෙන් ආරම්භ කොට එය පළාත් සභා, පාර්ලිමේන්තු වශයෙන් ඉදිරියට එසවීමට ක්‍රියාකිරීමේ අරමුණින් යුතුව ඉදිරිපත් වූ මෙම පණත සම්මතවීම සමස්ත කාන්තා පරපුරම ලැබූ ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකි බව මෙහි දී සඳහන් විය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.