මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සදහා විශේෂ බුද්ධි ඒකකයක්

    ජනවාරි 29, 2016

    නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම සදහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ය.

     

    නීති විරෝධි මත්ද්‍රව්‍ය පිළිබද පසුගිය වසරේ කෙතරම් වැටලීම් සිදු කළද හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතයේ අඩුවීමක් සිදුව නොමැති බවට සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන අතර ඒ පිළිබද සොයා බලා කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේ ය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 2015 වසරේ ප‍්‍රගතිය සහ 2016 වසරේ නව සැලසුම් පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවට එක් වෙමිනි.

     

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට අදාළ සියලූ ආයතනවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් හමුව පැවැත්විණි.

    මත්ද්‍රව්‍ය වැටලීම් සහ නීතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව පවතින නීති රීතිවල සංශෝධන අවශ්‍යනම් කඩිනමින් ඒවා සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    උතුරු පළාත තුළ නීති විරෝධි මත්පැන්වල වැඩවීමක් දක්නට ලැබෙන අතර ඒ පිළිබද විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

     

    එමෙන්ම සුරාබදු ආඥා පනතට පටහැනි ලෙස පවත්වාගෙන යන නීති විරෝධි සුරාසැල් සදහා මෙම වසරේ සිට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉදිරි මාස 06 තුළ සියලූම රාජ්‍ය ආයතන තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සකී‍්‍රයව කි‍්‍රයාවට නැංවීමට අදාළ චක‍්‍ර ලේඛ නිකුත් කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

     

    පොදු ජනතාවට සිය ගැටලූ ඝෘජුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති 1919 දුරකථන අංකය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරාම් පිළිබද තොරතුරු ද ලබාදිය හැකි බව මෙහිදී සදහන් කෙරණි.

     

    මත්ද්‍රව්‍ය මර්ධනයට අදාළව, ඊට සම්බන්ධ සියලූ ආයතන විසින් 2015 වසරේ කි‍්‍රයාත්මක කරන ලද වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළ අතර රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව අදාළ වැටලීම් පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

     

    මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා 2016 වසරේ කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරිණි.

     

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සදහා පාසල් දරුවන් දායක කර ගැනීමේ පුථල් වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමටත් දිස්ති‍්‍රක් ලේකම් සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාව දැනුවත් කිරීම් සදහා කි‍්‍රයාවට නැංවිය හැකි වැඩසටහන් පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට ඝෘජුව දායකවන විවිධ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya