මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් සේවය දියුණු කරන්න රජය විශේෂ අවධානයක් යොමු කරනවා

    ජනවාරි 28, 2016

    පොලීසියට වගකීම් පැහැර හරින්න බෑ.පොලිස් සේවය දියුණු කරන්න රජය විශේෂ අවධානයක් යොමු කරනවා යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    පොලිසිය සම්බන්ධයෙන් සමාජයේ පවතින විවාද සම්පන්න තත්ත්වය සහ පොලිස් නිධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට පිළිතුරු දෙමින් කළ ප්‍රකාශයේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    ඇඹිලිපිටිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කරගෙන යනවා.විමර්ශන අවසන් වුවාට පසු පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නම් කියා යොදා ගත්තා.

     

    මාධ්‍ය තමයි ජනතාවට තොරතුරු ගෙනියන්නේ.ඒ වගකීමෙන් තොරව එය සිදු වෙනවා.මාධ්‍ය වගකීම ඉටු කරන බවක් පේන්නේ නෑ.මේ පිළිබඳව සාධාර්ණ පරීක්ෂණයක් කරන්න් කියලා,පොලිස්පතිතුමාට කියා තිබෙනවා.ඒ දෙපාර්තමේන්තුව එම වගකීම දරනවා.අවසන් වාර්තාව එනවිට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.


    ජනතාවට පොරොන්දු වූ නීතිය සාධාරණව හැම පුරවැසියාටම ලබාගන්න පුළුවන් කාලයක් ගෙන එනවා.අපි පොලීසියට ඇඟිලිගසන්නේ නෑ.මාධ්‍යයට බයනැතිව වාර්තා කරන්න පුළුවන්.අද මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා නිවැරැදිව වර්තා කරන්න.වගකීමකින් වාර්තා කිරීම කරන්න කියලා ඉල්ලනවා.

     

    අපේ එකම ඉලක්කය සාධාරණව කටයුතු කරන පොලීසියක්, වෘත්තීමය වශයෙන් ඉහළම මට්ටමකින් කටයුතු කරන
    පොලීසියක්, ඒ සේවය නියතුවන අයගේ ආත්මගරුත්වය රැකගෙන සේවය කරන්න පුළුවන් පොලීසියක්, බවට පත්කරන්න අවශ්‍යයි.

     

    අද කවුද කියලා නෑ,තරාතිරමක් නෑ,දේශපාලඥයන් කියලා නෑ, නීතිය කාටත් එකයි.මේ රටේ ඕනෑම පුරවැසියෙකුට නීතිය එකසේ ක්‍රියාත්මක කරනවා.පොලීසියේ වැටුප් වැඩිවීම ඇතිකියා සිතන්නේ නෑ.අතිකාල දීමනා නෑ.පැය අටෙන් වැඩ ඉවර වෙන්නෙත් නෑ.පුරප්පාඩු තිබෙනවා.උසස්වීම දිය යුතුයි.පුරප්පාඩු රාශියක් තිබෙන නිසා සේවයේ අවශ්‍යතාවය මත පොලිස් කොස්තාපල් සිට සැරයන් දක්වා,පොලිස් කොස්තාපල් රියදුරු සැරයන් දක්වා, පොලීසියේ සියලු උසස්වීම් කරන්න නියමිතයි.

     

    මාරුවීම් පටිපාටිය ගැනත් අපි කටයුතු කර තිබෙනවා. අද පොලිස් විද්‍යාලයේ පුහුණු කටයුතු වැඩිදියුණු කරන්න විශාල වැඩකොටසක් කරගෙන යනවා. ටික කලක් යයි හොඳ සේවයක් කරන්න. එතැනට යන්න වැඩසටහන තිබෙනවා. වරදට දඬුවම් දෙනවට වඩා ජනතාවගේ ප්‍රශ්නය හඳුනාගන්න,ඒවා නැතිකරන්න කටයුතු කරන්න අවශ්‍යයි. පොලීසියට වගකීම් පහැර හරින්න බෑ. පොලිස් සේවය දියුණු කරන්න රජය විශේෂ අවධානයක් යොමු කරනවා.යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya