නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදය ඇතිකරමින් මාධ්‍යයෙන් දඬයම් කරන්න එපා - අගමැති Featured

    ජනවාරි 28, 2016

    දඬයමේ ගිහින් ජාතිවාදය අදින්න එපා. දඬයම කරන්නේ මාධ්‍යයි. දඬයමේ යන්න එපා. එයට විරුද්ධයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    පොලිසිය සම්බන්ධයෙන් සමාජයේ පවතින විවාද සම්පන්න තත්ත්වය සහ පොලිස් නිධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට පිළිතුරු දෙමින් කළ ප්‍රකාශයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     


    දඬයම කරන්නේ මාධ්‍යයි .මාධ්‍යවේදීන්ගේ කටු සටහන් ගත්තා කිව්වා.මේවා දන්නවා.අවශ්‍ය නම් උසාවි යන්න. අපිත් එන්නම්.ඒත් දඬයමේ යන්න එපා.දඬයමේ යන එක හරි නෑ.එයට මම විරුද්ධයි.

     

    පොලිස් කොමිෂමයි,පොලීසියයි එකට එකතු වී වැඩකරන්න ඕන.ඇඹිලිපිටිය අධිකරණයට අත්පුඩි ගහලා, හෝමාගම අධිකරණය යටත් කරන මධ්‍යයකට අපි කැමැති නෑ.හෝමාගම අධිකරණයේ සිද්ධිය ගැන එක කතුවැකියක් ලියා තියෙනවාද?

     

    ජාතිවාදය ගැන මොනවද කරන්නේ? විද්‍යුත් මාධ්‍යයෙන් අහනවා, හෝමාගම අධිකරණය ගැන මොනවද කියන්නේ. කතු වැකියක් ලියන්න. බෞද්ධයෝ හැටියට අපිටත් අයිතියක් තියෙනවා කතා කරන්න.අපි බුදුන් වහන්සේගේ ධර්මය අදහනවා.ඊයේ අභයාරාමයේ කතා කළේ මොකක්ද?පාරට බහින්න කියන්න.එක්කෙනෙකුට මම සීයක් දානවා. හිතන්න එපා ජනබලය යටවෙනවා කියලා,තිබුණු රෙජීමයට.

     

    නීතිවේදී සංගමය ප්‍රකාශයක් කළා,හෝමාගම සිද්ධිය ගැන.මාධ්‍ය කීයද පල කළේ.මම අහන්න කැමැතියි.දැන් අලුත් සෙල්ලමක්  පටන්ගෙන තිබෙනවා.එක්නැළිගොඩ දේශපාලඥයෙක් ද? මාධ්‍යවේදියෙක්නේ. එක්නැළිගොඩ ගැන මාධ්‍ය ස්ථාවරය කියන්න.

     


    කරුණාකර ස්ථාවරයක් ඇතිකරගන්න.බොරු කියන්න  එපා.ජාතිවාදය අදින්න එන්නේ.ඕන කෙනෙකුට පත්තරයක් ගහන්න  පුළුවන්. එක අපිට ප්‍රශ්නයක් නෑ.විද්‍යුත් මාධ්‍යයෙන් ජාතිවාදය  පතුරුවන්න එපා.ජාතික දිනයට විරුද්ධව ව්‍යාපාර  ගෙනියනවා. දඬයමේ ගිහින් ජාතිවාදය අදින්න එපා. කොතන ද මාධ්‍ය ඉන්නේ කියලා තීරණය කරන්න. නිදහස වෙනුවෙන් සටන් කළ මාධ්‍යවේදීන් ඉන්නවා.දඬයමේ ගිය අය දැන් සුදනෝ වෙන්න හදනවා නම්, අපිටත් කතා කරන්න තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya