අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා විද්‍යාර්ථීන් 33ක් පත්වීම් ලබයි

    ජනවාරි 29, 2016

    උපාධිධාරි පුහුණු පදනම මත සිටි පුරාවිද්‍යා විද්‍යාර්ථින් 133 දෙනෙකු සදහා පැවති තරඟ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් 62 අතුරින් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ 33 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (28)පුරා විද්‍යා නිලධාරීන් 33 දෙනෙකුට නව පත්වීම් ලබාදීම සිදු විය.


    මෙම පත්වීම් ලාභීන් අතර පුරාවිද්‍යා නිලධාරීන් 25 දෙනෙක්, මුහුදු පුරාවිද්‍යා නිලධාරීන් 06 දෙනෙක් හා ශූද්‍ර විද්‍යා,රසායන විද්‍යා නිලධාරීන් 02 දෙනෙක් වෙයි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ කරුණාරත්න හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya